ශ්‍රී ලංකාවේ උපත ලද චිත්‍රපට නිෂ්පාදකවරයෙකු, සංචාරක ලෝලියෙකු වන ජේසන් රාජසිංහ මහතා පසුගියදා ඇමරිකා එක්සත් ජනපදයේ පැවති 65 වැනි චිකාගෝ/මිඩ්වෙස්ට් එමී සම්මාන උලෙළේදී (65th Annual Chicago/Midwest Emmy Awards) එමී සම්මානය දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

ඔහු මෙලෙස සම්මානය පාත්‍ර වූයේ “Outstanding Achievement for Lifestyle” යන තේමාව යටතේ Discover Mediaworks සමාගම නිෂ්පාදනය කළ “Uniquely Wisconsin” වැඩසටහනේ පළමු කථාංගය වන “Farm to table pizzas: The little red barn” හි හොඳම කැමරා ශිල්පියා වශයෙන්.

ජේසන් ඔහුගේ ව්‍යාපාරික සහකරු වන අන්නිකා සේනානායක සමඟ වසර 10 කට අධික කාලයක් පුරාවට සිය, IFILMSRILANKA සමාගම හරහා ශ්‍රී ලංකාවේ ගරිල්ලා චිත්‍රපට කර්මාන්තය දියුණු කිරීමට කටයුතු කරමින් සිටින අතර, ලංකාවේ සිනමා ක්ෂේත්‍රයේ සිටින තරුණ තරුණියන්ට එම කර්මාන්තය තමන්ගේ වෘත්තීය ජීවිතය බවට පත් කරගැනීමට අවශ්‍ය කරන අධ්‍යාපනය සහ උපකාර කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. මේ අතර ජේසන් සිය බිරිඳ හෝප් රාජසිංහ සහ ව්‍යාපාරික සහකරු අන්නිකා සමඟ RAD PRODUCTIONS USA නමින් චිත්‍රපට නිෂ්පාදන සමාගමක් ද නිල වශයෙන් අරඹා ඇති බව වැඩිදුරටත් වාර්තා වනවා.