ශ්‍රී ලංකාවේ පිහිටි නෝර්වේ තානාපති කාර්යාලය වසා දමන බව මෙරට නෝර්වේ තානාපතිනිය සිය ටිව්ටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

එහි දැක්වෙන්නේ, ජූලි 31 වන දා සිට ශ්‍රී ලංකාවේ පිහිටි නෝර්වේ තානාපති කාර්යාලය වසා දමන බව ය.

ඒ අනුව, නොර්වේ රාජ්‍යයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සම්බන්ධ ද්විපාර්ශ්වික සබඳතා කටයුතු ඉන්දියාවේ නව දිල්ලි නුවර පිහිටි නෝර්වේ තානාපති කාර්යාලය හරහා සිදු කෙරෙනු ඇත.

එමෙන් ම, අදාළ කටයුතු සම්බන්ධ තොරතුරු දැන ගැනීම සඳහා @norwayinindia ට්විටර් ගිණුම සමග එක්වන ලෙස ද තානාපතිනිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.