නේෂන්ස් කුසලාන දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ දෙවැනි තරගයෙන්ද පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදු විය. ඒ සිංගප්පූරු A  කණ්ඩායම හමුවේ  62-51ක පරාජයක් ලබමිනි.

නේෂන්ස් කුසලාන දැල්පන්දු තරගාවලියේ දෙවැනි දිනයේ තරග අද (23දා) සිංගප්පූරුවේ OCBC Arena ක්‍රීඩාගාරයේදී ආරම්භ වූ අතර එහිදී ශ්‍රී ලංකාව සහ සිංගප්පූරු ඒ කණ්ඩායම අතර ප්‍රථම තරගය පැවැත්විණි.

එහිදී ලකුණු 62-51ක් ලෙස පරාජයට පත්වීමට ශ්‍රී ලංකාවට සිදු විය.

අවසන් ලකුණු තත්ත්වය දැක්වුණේ 15-09ක් 14-13ක් 16-14ක් සහ 17-16ක් වශයෙනි.

මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරගයේදී කැනඩාව හමුවේ ලකුණු 50-46ක් ලෙස පරාජය විය.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන මීළඟ තරගය කුක් දූපත් සමග හෙට (24දා) පැවැත්වීමට නියමිතය.