එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති තරගයෙන් ලකුණු 102ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.

ඉන්දියාවේ දිල්ලිහිදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහරදීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 428ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළේය.

මෙහිදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් Aiden Markram පන්දු 54කදී ලකුණු 106ක්, Quinton de kock පන්දු 84කදී ලකුණු 100ක් සහ Rassie vander Dussen පන්දු 110කදී ලකුණු 108ක් රැස් කළහ.

එමෙන්ම මෙහිදී ලෝක කුසලාන තරගාවලියක මෙතෙක් වාර්තා කර ඇති වේගවත්ම ශතකය වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඒඩ්න් මාක්‍රම් සමත් වූ අතර ඔහු සිය ශතකය ලබාගත්තේ පන්දු 49කිනි.

පන්දු යැවීමේදී දිල්ෂාන් මධුශංක කඩුලු 02ක් දවාගත්‍තේය.

අනතුරුව ලකුණු 429 ඉලක්කක් හඹායමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 44.5 අවසානයේ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 326ක් පමණි. එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 76ක් , චරිත් අසලංක ලකුණු 79ක් සහ නායක දසුන් ශානක ලකුණු 68ක් රැස් කළහ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ තරගය එළඹෙන 10වැනිදා පාකිස්තානය සමග පැවැත්වේ.