ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති තරගයෙන් කඩුලු ක ජයක් හිමිකර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනූ බංගලාදේශ කණ්ඩයම ප්‍රථමයෙන් පන්දු යැවීමටයි තීරණය කළ අතර ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.3 තුළ සියලු දෙනා දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 279කි.

එහිදී චරිත් අසලංක දෙවැනි එක්දින ශතකය වාර්තා කරමින් ලකුණු 108ක් රැස් කළේය. ඊට අමතරව සධීර සමරවික්‍රම ලකුණු 41ක් රැස් කළේය. පන්දු යැවීමේ දී Tanzim Hasan කඩුලු 03ක් බිඳහෙළීය.

මෙම තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් නියමිත වේලාවට පන්දුවට මුහුණ නොදීම යන හේතුව මත දැවි ගිය අතර මේ අකාරයට දැවී ගිය පළමු ක්‍රීඩකයා වන්නේත් ඇන්ජලෝ මැතිව්ස්ය.

ශ්‍රී ලංකා ඉනිමෙන් අනතුරුව ලකුණු 280ක් හඹායෑමට පිටියට පිවිසි බංග්ලාදේශය පන්දුවාර 41.1ක් අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 282ක් රැස් කරමින් එම ඉලක්කය පසුකර ගියේය. එහිදී Najmul Hossain Shanto ලකුණු 90ක් සහ නායක Shakib Al Hasan ලකුණු 82ක් රැස් කළහ.

පන්දු යැවීමේදී ඩිල්ෂාන් මදුශංක කඩුලු 03ක්, ඇන්ජලෝ මැතිව්ස් සහ මහීෂ් තීක්ෂණ කඩුලු 02ක් බැගින් බිඳහෙළීය.