ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයෙන් ලකුණු 302ක අවමන් සහගත පරාජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය.

තරගය ඉන්දියාවේ මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැති අතර කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් පළමුව පන්දු රැකීම තෝරා ගත්තේය. ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ ඉන්දීය කණ්ඩායම කඩුලු 08ක් දැවී ලකුණු 357ක් රැස් කළේය.

එහිදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ෂුබ්මන් ගිල් ලකුණු 92ක්, විරාට් කෝලි ලකුණු 88ක් සහ ශ්‍රේයාස් අයියර් 82ක් රැස් කළහ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ඩිල්ෂාන් මධුෂංක ලකුණු 80කට කඩුලු 05ක් දවා ගත්තේය.

අනතුරුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19.4ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 55ක් පමණි.

එහිදී ඉන්දීය වේගපන්දු ‍යවන ක්‍රීඩක මොහොමඩ් ශාමි කඩුලු 05ක් බිඳහෙළීය.