ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරගය කඩුලු 05කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් නෙදර්ලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට ලකුණු 263ක ඉලක්කයක් ලබාදුන් අතර එම ඉලක්කය පන්දුවාර 48.2 අවසානයේ කඩුලු 05ක් දැවී පසුකර යෑමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සධීර සමරවික්‍රම විශිෂ්ට ඉණිමක් ක්‍රීඩා කළ අතර එහිදී ඔහු නොදැවී ලකුණු 91ක් රැස් කිරීමට සමත් විය. ඊට අමතරව ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 54ක් සහ චරිත් අසලංක ලකුණු 44ක් රැස් කළහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී කසුන් රාජිත සහ ඩිල්ෂාන් මදුශංක කඩුලු 04 බැගින් බිඳහෙළීය.