ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවැනි පුහුණු තරගය අද ඇමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව පැවැත්වේ.

මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 12.30ට ආරම්භ වීමට නියමිතය. සුදුසුකම් ලැබීමේ තරගාවලිය ආරම්භ වීමට පෙර සෑම කණ්ඩායමක්ම පුහුණු තරග දෙකකට සහභාගි වේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රථම පුහුණු තරගය නෙදර්ලන්තය සමග පැවැති අතර එම තරගය කඩුලු 03කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

එක්දින ලෝක කුසලානයේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය එළඹෙන 18වැනිදා සිට ජූලි 09වැනිදා දක්වා පැවැත්වේ.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම B කාණ්ඩයෙන් තරග වදින අතර, එම කාණ්ඩයේ ප්‍රතිවාදී කණ්ඩායම් වන්නේ අයර්ලන්තය, ස්කොට්ලන්තය, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි.