එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය අද පැවැත්වේ. ඒ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම අතරයි.

මෙම තරගයේදී ශ්‍රී ලංකා පිළේ නායකත්වය දසුන් ශානක විසින් දරනු ලබන අතර, අරාබි කණ්ඩායමේ නායකයා ලෙස මොහොමඩම් වසීම් කටයුතු කරයි.

මෙම තරගය මෙරට වේලාවෙන් දහවල් 12.30 සිම්බාබ්වේ, බුලවායෝ හීදි ආරම්භ වීමට නියමිතය.

කවිඳු කාරියවසම්