එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම දිවයිනට පැමිණියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයකින් අද අලුයම 05.05ට පමණ දිවයිනට පැමිණ තිබේ.

කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයෙන් ක්‍රිකට් කණ්ඩායමට පිටව යාම සඳහා පොදු බස් රථයක් සූදානම් කර තිබුණද, බොහෝ ක්‍රීඩකයන් තම පෞද්ගලික මෝටර් රථවලින් සිය නිවෙස් බලා පිටත්ව ගොස් ඇත. එමෙන්ම කටුනායක ගුවන්තොටුපොළ සහ ඒ අවට දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ බවද වාර්තා වේ.

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ තේරීම් කමිටු සභාපති, ප්‍රමෝද්‍යය වික්‍රමසිංහ මහතා පවසා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය පිටුපස එක්තරා කණ්ඩායමක් සිටි බවත්, ඔවුන්ගේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙල නිසා මෙම ඛේදනීය පරාජය අත්වූ බවත්ය. මේ පිළිබඳ තවත් දින දෙකකදී අනාවරණයක් මාධ්‍ය වෙත සිදුකරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.