ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකික ක්‍රීඩිකාවක් අයි.සී.සී. පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි පළමු තැනට පැමිණ තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා ආරම්භක පිතිකාරිනී චමරි අතපත්තු එක්දින පිතිකාරිනියන් අතර පෙරමුණ ගෙන ඇත.

ඇය මීට පෙර මෙම ශ්‍රේණිගත කිරීම්හි 07වැනි ස්ථානයේ පසුවූ අතර, ඇය නිමාවූ නවසීලන්ත තරගාවලියෙන් පසුව පියවර 06ක් ඉදිරියට පැමිණි මේ වනවිට අංක එක ස්ථානය තහවුරු කරගෙන ඇත.

මීට පෙර කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් එක්දින පිතිකාරිනියන් අතර පෙරමුණට පැමිණ නොතිබූ අතර, එවන් දස්කමක් දැක්වූ පළමු ක්‍රීඩිකාව ලෙස චමරි ඉතිහාසයට එක්වේ. චමරිට ප්‍රසාද ලකුණු 758ක් හිමිව ඇති අතර, මෙහි දෙවැනි ස්ථානය හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු 754ක් හිමිකරගෙන සිටින ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකා බෙත් මූනි ටයි.

නිමා වූ තරග 03 කින් යුත් නවසීලන්ත එක්දින තරගාවලියේදී ශතක 02ක් වාර්තා කරමින් චමරි තරගාවලියේ වීරවරිය බවටද පත් විය.