ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම යළි පිබිදෙනු ඇතැයි තමාට විශ්වාස බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් ඉරණම ගැන සඳහන් කරමින් මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව කඩාවැටීමේ අද්දර නොවන බවත්, ස්ථාවරත්වය සහ එකමුතුකම පිළිබඳ තාවකාලික ගැටලුවක් පමණක් පවතින බව ද මහින්ද දේශප්‍රිය මහතා පවසා ඇත.

“ලෝක කුසලාන තරගාවලියේදී අපි දකින කණ්ඩායම පසුගිය වසරේ ආසියානු කුසලානය දිනූ සහ පසුගියදා පැවැති ආසියානු කුසලානයේ අනුශූරයන් බවට පත්වූ කණ්ඩායමම තමයි. එමනිසා පරිපාලකයන් සහ පුහුණුකරුවන් විසින් පවතින ගැටළු කිහිපයක් සොයාබලා නිවැරදි කළ යුතුයි ”යැයි හිටපු සභාපතිවරයා පෙන්වා දී ඇත.

“ඇත්ත වශයෙන්ම, එය යම් කාලයක් ගත වනු ඇත; කෙසේ වෙතත්, අපි අපේ ක්‍රීඩකයන් දෙස පහත් කොට නොබැලිය යුතුයි, නමුත් තරග ප්‍රතිඵලය කුමක් වුවත් ඔවුන් දිරිමත් කළ යුතුයි,” ඔහු වැඩිදුරටත් සදනහම් කර තිබේ.