ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් එක්දින නායකයා සහ උපනායකයාත් විස්සයි-20 නායකයා සහ උප නායකයාත් ප්‍රකාශයට පත් කළේය. ඒ සිම්බාබ්වේ තරගාවලිය සඳහා වන මූලික සංචිතය නම් කරමිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිල නිවේදනයට අනුව කුසල් මෙන්ඩිස් එක්දින කණ්ඩායමේ නායකයා ලෙසත්, චරිත් අසලංක එක්දින කණ්ඩායමේ උප නායකයා ලෙසත් නම් කර තිබේ. එමෙන්ම ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ නායකයා ලෙස වනිඳු හසරංග නම් කර ඇති අතර, උප නායකයා ලෙස චරිත් අසලංක නම් කර තිබේ.