ශ්‍රී ලංකා ක්‍රිකට් 2022 මූල්‍ය වර්ෂෙය්දී රු. බිලියන 6.3ක ශුද්ධ අතිරික්තයක් උපයා ඇත. එමෙන්ම එම වසරේ ආදායම රු. බිලියන 17.5කි. එය 2021 වසරේ ආදායමට වඩා 120%ක වැඩිවීමකි.

ශ්‍රී ලංකා ක්‍රිකට්හි සාමාජිකත්වය 2022 මූල්‍ය වර්ෂය සඳහා විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන ඒකමතිකව අනුමත කර ඇත.

රුපියල් බිලියන 6.3ක ශුද්ධ අතිරික්තය ක්‍රිකට් ආයතනය සිය සමස්ත ඉතිහාසය තුළම මූල්‍ය වර්ෂයක් තුළ වාර්තා කළ ඉහළම වාර්ෂික ශුද්ධ අතිරික්තයයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනාවරණය කළේ ජාත්‍යන්තර ක්‍රිකට්, දේශීය ක්‍රිකට්, අනුග්‍රාහක කොන්ත්‍රාත්තු සහ ICC වාර්ෂික සාමාජික ගෙවීම් වැනි ආදායම් අංශ හතරකින් මෙම මුදල් උත්පාදනය වූ බවයි.