ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ පරිපාලන කටයුතු මෙහෙයවීමට සහ එම කටයුතු විධිමත් කිරීම සඳහා එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරට විදෙස් පුද්ගලයෙකු පත් කිරීමට අයඳුම්පත් කැඳවීමට නියමිත බව ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා සඳහන් කළේය.

ඔහු මේ බව පවසා සිටියේ ශ්‍රී ලංකා පාපන්දුවේ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සහ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (ෆිෆා ) සමග එකාබද්ධව සිදු කරන වැඩපිළිවෙළ දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවේදීය.