එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි 06දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරගය අද බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එරෙහිව හරාරේහිදී පැවැත්වේ.

ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය මේ වනවිටත් එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගෙන ඇති අතර කොදෙව් කණ්ඩායමට ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය. ඒ අනුව ඉතිහාසයේ පළමු වරට කොදෙව් කණ්ඩායමක් නොමැතිව එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට නියමිතව තිබේ.

අද තරගය මෙරට වේලාවෙන් දහවල් 12.30ට ආරම්භ වේ.