සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 03කින් යුත් විස්සයි-20 තරගාවලියේ අවසන් සහ තීරණාත්මක විස්සයි-20 තරගය අද ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගය අද පස්වරු 07.00ට ආරම්භ වීමට නියමිතය.

තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත් අතර, දෙවැනි තරගය ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායමට හැකි විය. ඒ අනුව තරගාවලිය ජය ගැනීම සඳහා අද තරගය දෙපිළටම ඉතා තීරණාත්මකය. සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව තවමත් විස්ස-20 තරගාවලියක් ජයගෙන නොමැත.