ශ්‍රී ලංකා 400×4 සහාය දිවීමේ කණ්ඩායම ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සුදුසුකම් ලබා තිබේ. ඒ එම කණඩායම ලෝක ශ්‍රේණිගත කිරීම්හි 12වැනි ස්ථානයට පත්වෙමිනි. ඒ අනුව ඔවුන් මෙම මස 19වැනිදා හංගේරියාවේ බුඩාපෙස්ට්හිදී ආරම්භ වන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගි වේ.

ඔවුන් මෙම දක්ෂතාව දැක්වූයේ වසර 10කට පසුවවීම විශේෂත්යකි. ශ්‍රී ලංකා 400×4 සහාය දිවීමේ කණ්ඩායම පසුගියදා තායිලන්තයේදී නිමාවූ 25වැනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ රන් පදක්කම දිනාගත්තේ නව ආසියානු වාර්තාවක්ද පිහිටුවමිනි. මෙම කණ්ඩායමට අරුණ දර්ශන, පබසර නිකු, රාජිත රාජකරුණා සහ කාලිංග කුමාරගේ යන ක්‍රීඩකයන් ඇතුළත්ය.

ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකා 400×4 සහාය දිවීමේ කණ්ඩායමට අමතරව කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන්ද පිරිමි මීටර් 100 ඉසව්වට සුදුසුකම් ලබා සිටී.