එමිරේට්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධී වගන්ති උල්ලංඝනය කිරීමට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රිකට් ක්‍රීඩකයන් සහ නිලධාරීන් 08දෙනෙකුට දූෂණ චෝදනා ගොනුකර තිබේ.

2021 වර්ෂයේ පැවති අබුඩාබි T10 ලීගය අතරතුර දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝනය කිරීමේ සිද්ධිවලට අදාළව මොවුන්ට චෝදනා ගොනුකර තිබේ.

ඒ අනුව එම ලීගයේ කණ්ඩායම්හි සම හිමිකරුවන් වන Krishan Kumar Chaudhary සහ Parag Sanghvi,
එහි පිතිකරණ පුහුණුකරුවෙකු වූ Ashar Zaidi , සහාය පුහුණුකරුවෙකු වන Sunny Dhillon, කණ්ඩායම් කළමනාකරුවෙකු වන Shadab Ahamedවෙත මෙලෙස දූෂණ චෝදනා එල්ලවී ඇත.

එමෙන්ම ක්‍රීඩකයන් ලෙස හිටපු ශ්‍රී ලංකික පළමු පෙළ ක්‍රීඩකයෙකු වන සාලිය සමන් සහ Rizwan Javed මෙන්න බංග්ලාදේශ ක්‍රීඩක Nasir Hossain හට ICCය විසින් චෝදනා ගොනුකර ඇත.