ඉන්දීය ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල්ට ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහුට ඩෙංගු සඳහා කළ පරීක්ෂාවේදී ගිල්ට ඩෙංගු රෝගය වැලඳී ඇති බව ආනාවරණය වී තිබේ. ඒ අනුව අනිද්දා (ඉරිදා) ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරගය සඳහා ඔහුගේ සහභාගිත්වය අවිනිශ්චිත වී තිබේ.

කෙසේ නමුත් අද දිනයේ සිදුකරන තවත් පරීක්ෂණ වටයකින් පසුව කණ්ඩායම් කළමනාකාරිත්වය ගිල් සම්බනධයෙන් තීරණයක් ගනු ඇති බව වාර්තා වේ.