එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග නිමාවීමත් සමග 2025 චැම්පියන්ස් ට්‍රෝෆි ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගත් (ශූරයන්ගේ කුසලාන) අවසන් කණ්ඩායම් 08 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව සත්කාරක පාකිස්තානය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇෆ්ගනිස්තානය, එංගලන්තය හා බංග්ලාදේශය 2025 චැම්පියන්ස් ට්‍රෝෆි තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතය.

2025 වසරේදී පාකිස්තානයේදී පැවැත්වෙන මෙම තරගාවලියට මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව හා නෙදර්ලන්ත කණ්ඩායම්වලට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වූ අතර, ඊට අමතරව අයි.සී.සී. ටෙස්ට් වරම් හිමි බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාබ්වේ සහ අයර්ලන්ත කණ්ඩායම්වලටද චැම්පියන්ස් ට්‍රෝෆි ක්‍රිකට් තරගාවලිය අහිමි වී ඇත.