හංගේරියාවේදී පැවැත්වෙන ලෝක ශුරතා ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ වේගවත්ම ක්‍රීඩිකාව බවට පත්වීමට ඇමෙරිකාවේ ෂකාරි රිචඩ්සන් සමත් වූවාය. ඇය මීටර් 100 අවසන් තරගය තත්පර 10.65කින් නිම කරමින් එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.
මෙම ඉසව්වේ රන් පදක්කම 2020 ඔලිම්පික් තරගාවලියේ රිදී පදක්කම්ලාභී ෂෙලී ඈන් ෆ්රේසර් ප්‍රයිස් සහ ලෝකඩ පදක්කම්ලාභී ශෙරීකා ජැක්සන් යන දෙදෙනාගෙන් කෙනෙක් ජයග්‍රහණය කරනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වූ නමුත් ඔවුන් දෙදෙනා පරාජය කරමින් ෂකාරි රිචඩ්සන් මෙම ජයග්‍රහණය ලබාගැනීම විශේෂත්වයකි.
එම ඉසව්වේ රිදී පදක්කම තත්පර 10.72කින් තරගය නිමා කළ ජැමෙයිකාවේ ශෙරීකා ජැක්සන්ටත්, ලෝකඩ පදක්කම තත්පර 10.77කින් තරගය නිමා කළ ජැමෙයිකාවේ ෂෙලී ඈන් ෆ්රේසර් ප්රයිස්ටද හිමි වුහ.
මෙම තරගාවලියේ මීටර් 100 පිරිමි අවසන් තරගය ජයගත්තේද ඇමෙරිකාවේ නෝවා ලයිල්ස්ය. ඒ අනුව මෙවර තරගාවලියේ පිරිමි සහ කාන්තා මීටර් 100 ධාවන ඉසව්වල ආධිපත්‍ය ජැමෙයිකාවෙන් ඇමෙරිකාව අතට පත් විය.
admin August 22, 2023
ෂකාරි රිචඩ්සන් කෙටි දුර ධාවන ආධිපත්‍යය ජැමෙයිකාවෙන් ඇමෙරිකාවට රැගෙන යයි
ජලාශ 73 ටම ඉතිරිව ඇත්තේ අක්කර අඩි 830000 ක ජල ධාරිතාවක් පමණයි
Aug 22, 2023
විපක්ෂයේ පොදු සන්ධානය තවදුරටත් පුළුල් කෙරේ
Aug 22, 2023
Recent Posts
-
October 11, 2024පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව එළියට – නාමලුත් ලැයිස්තුවෙන්
-
October 11, 2024විශ්‍රාමිකයන්ට අතුරු දීමනාවක් ලබා දීමට ජනපතිගෙන් උපදෙස්
-
October 11, 2024දමිතා අබේරත්නට නාමයෝජනා අහිමි වෙයි
-
October 11, 2024ඝන මීදුම් තත්ත්වයක් පිළිබඳව නිවේදනය කරයි