දකුණු ඉන්දියාවේ සුප්‍රකට සංගීතඥයෙකු වන ඉලෙයිරාජාගේ දියණිය වූ සම්මානනීය ගායිකා භවධරණි පිළීකා රෝගය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය දා (25) අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට 47 වන වියේ පසුවූ බවධරණි මහත්මිය Bharathi චිත්‍රපටයේ Mayil Pola Ponnu Onnu ගීතයයේ ගායනය වෙනුවෙන් හොඳම පසුබිම් ගායිකාවට හිමි ඉන්දීය ජාතික සම්මානයෙන්ද පිදුම් ලැබූ ගායිකාවක් මෙන්ම දක්ෂ සංගීතවේදිනියක් ද වනවා.

ඇයගේ දේහය ඊයේ (27) තමිල්නාඩුවේ තේනි හි හි පිහිටි නිවස වෙත රැගෙන යාමට කටයුතු කළ අතර, කලාකරුවන් දේශපාලනඥයින් ඇතුළු බොහෝ පිරිසක් ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා නිවස වෙත පැමිණියා. පසුගිය 24 වන දින සංගීතඥ ඉලෙයිරාජා මහතාද සංගීත ප්‍රසංගයක් සඳහා දිවයිනට පැමිණ සිටි අතර, දියණියගේ අභාවය හේතුවෙන් 27 හා 28 දිනවලදී පැවැත්වීමට නියමිතව තිබූ එම ප්‍රසංගය අවලංගු කර තිබෙනවා.