ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පන්දු යවන්නෙකු වූ සචිත්‍ර සේනානායකව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ක්‍රීඩා වැරදි වැළැක්වීමේ ඒකකය මගින් අද පෙරවරුවේදී සචිත්‍රව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ තරග පාවාදීමකට අදාළව සිදු කළ විමර්ශනයක් අවසන් කරමින් බවද වාර්තා විය.

2020 වසරේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වූ ක්‍රීඩකයන් දෙදෙනෙකුට ඩුබායි සිට දුරකථන ඇමතුම් මගින් තරග විෂමාචාරයකට පොළඹවා ගැනීමට සචිත්‍ර කටයුතු කර ඇති බවට ඔහුට චෝදනා එල්ල විය..