මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ කටහඬ පරීක්ෂා කිරීම සඳහා අද දිනයේදී රජයේ රස පරීක්ෂකවරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා ‌වේ.

ඔහුව අද පෙරවරුවේ රජයේ රස පරීක්ෂකවරයා හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පසුගිය 06වැනිදා නියෝග කර තිබිණි. ඒ අනුව බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ සචිත්‍ර සේනානායක රජයේ රස පරීක්ෂකවරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

2020 වසරේ පැවැති ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීමට ක්‍රීඩකයන් දෙදෙනෙකු පෙළඹවීමට උත්සාහ කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් සචිත්‍ර සේනානායක අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනිද්දා (15) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.