අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් සචිත්‍ර සේනානායක සැප්තැම්බර් 15වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

සචිත්‍ර සේනානායක ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට භාරවීමෙන් අනතුරුව අද උදෑසන අත්අඩංගුවට ගනු ලැබීය. ඒ මුදලට තරග පාවාදීමට යෝජනා කිරීමේ චෝදනාවටයි.

අද දිනයේදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරියෙකු සචිත්‍රගෙන් ප්‍රශ්න කර ඇති බවද වාර්තා විය.

මීට අදාළ නඩුව එළඹෙන 15වැනිදා යළි කැඳවීමට නියමිතය.