සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශකයක් කරමින් ඔහු කියා සිටියේ තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බවයි. තම ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාර දුන් බව ඔහු සඳහන් කළා.

ඔහු ඉල්ලා අස් වුණු හේතුවක් තවමත් වාර්තා වී නැහැ. කෙසේ වෙතත්, ඔහුගේ සමීප ආරංචිමාර්ග පවසන්නේ ඔහු දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බවයි.