සමගි ජන බලවේගයේ මැදිහත්වීමෙන් කිරිදිඔය ව්‍යාපාරයට අයත් දකුණු ඇළ පිළිසකර කිරීම ආරම්හ කරයි.

ඒ අනුව වසර 40කට පසු කිරිදිඔය ව්‍යාපාරයේ දකුණු ඇළේ කිලෝමීටර 26ක ජලජ පැලෑටි සහ රොන්මඩ ඉවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් ආණ්ඩුවට මුදල් නොමැති නිසා 10000කට වැඩි ගොවි ජනතාවක් වෙනුවෙන් ඒ සඳහා අවශ්‍ය ඉන්ධන ලබා දීම ද සිදු කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පවසා ඇත.

සාමාන්‍යයෙන් වියළි කාලගුණ තත්ත්වයක් තුළ වාරි පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක වී වැව් අමුනු, ඇල වේලි ප්‍රතිසංස්කරණය කළ යුතු වුවත් පසුගිය දිනවල එවැනි වාරි පුනරුත්ථාපනයක් රට තුළ දක්නට නොලැබුණ නිසා ප්‍රායෝගික ප්‍රගතිශීලී විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය විසින් බලයක් නොමැතිව වුවත් මෙරට කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරිමට අදාල දායකත්වය ලබා දීම සිදු කරන බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම කිරිදිඔය ව්‍යාපාරය පමණක් නොව මෙරටේ කෘෂිකර්මාන්තය නවීකරණයට ලක් කර නූතන ක්‍රමවේදය හා නවීන තාක්ෂණය තුලින් කෘෂිකර්මාන්තය දියුණු කරන බවත් වී සඳහා ස්ථාවර වීමිල සූත්‍රයක ඇති කර දෙන බව ද හෙතෙම පෙන්වා දී ඇත.

මේ සඳහා වන ලක්ෂ 25ක මුදලක් පියවරෙන් පියවර ලබා දෙන බවත් පළමු පියවර ලෙස ලක්ෂ 10ක මුදලක් ලබා දුන් බවත් ඉන් අනතුරුව වැඩ කෙරීගෙන යන ආකාරයට එම මුදල් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසා තිබේ.