අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තුව සේවය සති හතරකට අත්හිටුවීමට කතානායකවරයා තීරණය කර ඇත.

ඒ මීට සුළු මොහොතකට පෙර පාර්ලිමන්තුවේ ඇතිවූ උණුසුම් තත්ත්වය අතරතුර සෙංකොලය ස්පර්ෂ කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

එමෙන්ම පාර්ලිමේන්තුවේ කටයුතු අතරතුරු මන්ත්‍රීවරු වාචික ප්‍රශ්න විමසන අවස්ථාවේ එකිනෙකා අතර ඇති වු නොසන්සුන්කාරි තත්වයක් මත කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව විනාඩි 10 ට කල් තැබීමද සිදු විය.

පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තු සභාවාරය නැරඹීමට පැමිණි සිටි පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉන් ඉවත් කිරීමට පාර්ලිමේන්තු පාලනාධිකාරය කටයුතු කර ඇත.