ටාර් රාජයයේ මැදිහත් වීමෙන්, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතරේ ඇති කරගත් තාවකාලික සටන් විරාමය, තව දුරටත් දීර්ඝ කර ගැනීමට අවසන් මොහොතේ එකඟත්වයක් ඇති කර ගෙන් ඇත.

ඒ අද (30) දිනයේ කටාර් රාජ්‍යයේ දෝහා අගනුවර දී දෙපාර්ශ්වයේ නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් පසුවය.

සටන් විරාමය දීර්ඝ කිරීමෙන් පසු, තව දුරටත් හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමටත්, ඊශ්‍රායලය එරට බන්ධනාගාරවල සිරගත කළ පලස්තීනුවන් නිදහස් කෙරෙනු ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.