ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇති කරගත් තාවකාලික සටන් විරාම ගිවිසුම දින දෙකකින් දීර්ඝ කිරීමට දෙපාර්ශවය එකඟ වූ බව එම ගිවිසුම ඇති කර ගැනීමට ප්‍රධාන මැදිහත්කරුවකු ලෙස කටයුතු කළ කටාර් රාජ්‍යය ප්‍රකාශ කර ඇත.

ඒ අනුව තාවකාලික සටන් විරාම ගිවිසුම 30 වැනිදින උදෑසන දක්වා ක්‍රියාත්මක වනු ඇති බවත් ඒ යටතේ තවත් ප්‍රාණ ඇපකරුවන් සහ පලස්තීන ජාතිකයන් නිදහස් කර ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති බවත් කටාර් රාජ්‍ය සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

තවාකාලික සටන් විරාම ගිවිසුමේ හතරවෙනි දිනයේදී හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටි ඊශ්‍රායල කාන්තාවන් 9 දෙනකු සහ ළමයින් දෙදෙනෙකු නිදහස් කර ඇත.

එම ප්‍රාණ ඇපකරුවන් වෙනුවෙන් ඊශ්‍රායල අත් අඩංගුවේ පසුවූ පලස්තීන ජාතිකයන් 33 දෙනකු ඊශ්‍රායලය නිදහස් කළ බව එම වෙබ් අඩවිය පෙන්වා දුන්නේය.එම පලස්තීන ජාතිකයන් 33 දෙනාගෙන් 30 දෙනකු ළමුන් බවත් 3 දෙනකු කාන්තාවන් බවත් ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

ඒ අනුව තාවකාලික සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වූ දින 4 ක කාලය තුළ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 69 දෙනෙක් සහ පලස්තීන ජාතිකයන් 150 දෙනෙක් නිදහස ලබා ඇතැයි ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් වෙබ් අඩවිය පෙන්වා දී තිබේ.

Photo By – Fadel Senna/AFP/Getty Images

Photo By – Fadel Senna/AFP/Getty Images

Photo By – Fadel Senna/AFP/Getty Images

Photo By – Fadel Senna/AFP/Getty Images

Photo By – Fadel Senna/AFP/Getty Images

Photo By – Fadel Senna/AFP/Getty Images

Photo By – Fadel Senna/AFP/Getty Images

Photo By – Fadel Senna/AFP/Getty Images

Photo By – Fadel Senna/AFP/Getty Images