ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ පාර්ලිමේන්තු සේවය සති දෙකකට අත් හිටුවන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන නිවේදනය කර ඇත.

පාර්ලිමේන්තුවේ ඊයේ සිදු වූ විනය විරෝධී තත්ත්වය හෙළා දකින බවද කතානායකවරයා නිවේදනය කර තිබේ.

සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී 27/2 ප්‍රශ්නය ඉදිරිපත් කරන අවස්ථාවේ දී එම ලිපි ගොනුව උදුරා ගැනීම සම්බන්ධයෙන් සනත් නිශාන්ත මහතාට චෝදනා එල්ල විය.