ශ්‍රී ලංකා ක්‍රිකට්හි සිදුව ඇති අක්‍රමිකතා සහ දූෂණ හෙළිදරව් කර ගැනීමට මෙන්ම ක්‍රිකට් නැවත ස්ථාවර කර ජයග්‍රහණය කරා ගෙන යාම අරමුණු කරගෙන ඊට සුදුසුම පුද්ගලයා සභාපති ලෙස පත් කළ බව ක්‍රීඩා අමාත්‍යවරයා පැවසීය.

ඔහු මේ බව පවසා සිටියේ අද ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ

“ ඉදිරි කටයුතුවලදී ප්‍රධාන වශයෙන්ම පැති දෙකක් තියෙනවා.. එකක් වෙච්ච, දූෂණ, වංචා, අක්‍රමිකතා මේවා සොයලා බලන්න ඕනේ.. ඒ වගේම තමයි ඊට වඩා ඉක්මනින් වෙන්න ඕනේ අපේ ක්‍රීඩාව යතාවක් කරන එක. මූලිකත්වය දීලා ඒක කරන්න ඕනේ.. ඒ කියන්නේ ස්ථාවර කරලා නැවත මේ රටේ මුළු මහත් ජනතාවගේ හිතට නිදහසක් දුන්න ක්‍රිකට් ජයග්‍රහණ කරා යන්න.. සුදුසුම පුද්ගලයා සභාපතිවරයා විදිහට පත්කරලා තියෙනවා. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු දෙදෙනෙකු සහ මහාධිකරණ විනිසුරුවරයෙක් පත්කරලා තියෙනවා.. ඒ, පහුගිය කාලේ වෙච්ච අක්‍රමිකතා සියල්ල පිළිබඳ කමිටුවක් විදිහට විමර්ශන කටයුතු කරන්න. ඒ වගේම මෙතනින් එහාට පරිපාලනය, ක්‍රිකට් සංවර්ධනය, නීතිය මේවට අනු කමිටු ටික දාලා ඉදිරි කටයුතු ටික කරන්න සභාපතිතුමාට උපදෙස් ලබාදීලා තියෙනවා. පළවෙනි‌යට තියෙන්නේ අපි ක්‍රිකට් නැවත ගහලා, ඉස්සරහට යන එක අභියෝගය ජයග්‍රහණය කරන්න. මම හිතනවා ඒක සුදුස්සට සුදුසු තැන ලබා දුන්නයි කියලා” යනුවෙන් පැවසීය.