සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා වූ අභියාචනය ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් අද (17) මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන් වේ.

මේ සඳහා තීරණයක් ලබාදීම අධිකරණ සීමාවෙන් පිටත පවතින බව ඉන්දියානු අගවිනිසුරු ධනංජය යෙෂ්වන්ත් චන්ද්‍රචුඩ් ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම විවාහය සම්බන්ධ නීති සකස්විය යුත්තේ එරට පාර්ලිමේන්තුව විසින් බව ද ඔහු පවසා ඇත.

එහෙත් සමලිංගික සහකරුවන් හට දරුවන් රැකබලා ගැනීමට පමණක් අවසර දෙන බවත්, සමලිංගික ප්‍රජාවට living together ලෙස ජීවත් වීමට අවසර ලැබෙන බවත් සඳහන් වේ.