Black Panther ඇතුළු චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වූ සම්මානලාභී හොලිවුඩ් නිලියක වන Carrie Bernans මාරාන්තික අනතුරකට මුහුණ දී තිබෙනවා. පසුගිය දා (01) ඇය සහ ඇගේ මිතුරියක් පදික වේදිකාවේ ඇවිද යමින් සිටියදී වේගයෙන් ධාවනය වූ ආහාර ප්‍රවාහනය කරන ට්‍රක් රථයක් ඇය ඇතුළු පදිකයින් කිහිපදෙනෙකු යට කරමින් නොනවත්වා ධාවනය කර තිබෙනවා.

එම අනතුරින් ඇයගේ අස්ථි කිහිපයක් බිඳී ඇති අතර, දත් කිහිපයක්ද කැඩී ගොස් තිබෙන ව වාර්තා වන අතර, මෙම අනතුරින් තවත් පුද්ගලයින් 9 දෙනෙකු රොහල්ගත කර තිබෙනවා. අනතුර සිදු කර පළා යමින් සිටි ට්‍රක් රථ රියදුරු අත් අඩංගුවට ගැනීමට නිව්යෝර්ක් පොලීසිය සමත් වී ඇති අතර, තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන Carrie කෙමෙන් සුව අතට හැරෙමින් පවතින බව වාර්තා වනවා.