සමාජ මාධ්‍ය නියාමනයට අදාළ පනත් කෙටුම්පත ඊයේ (18) රාත්‍රියේ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර ඇත.

මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැතිවරයාගේ නියමය පරිදි ප්‍රකාශිත මෙම ගැසට් නිවේදනයේ අරමුණ අන්තර්ජාලය හරහා පැතිරෙන ප්‍රකාශ සන්නිවේදනය තහනම් කිරීම, ව්‍යාජ ගිණුම් හරහා තොරතුරු ප්‍රචාරණය වැළැක්වීම බව සඳහන් වේ.

මේ පනත හරහා පිහිටුවීමට නියමිත කොමිෂන් සභාවක් ඔස්සේ අන්තර්ජාලය නියාමනය කිරීමට රජය තීරණය කර ඇත.

මේ හරහා අන්තර්ජාලය ඔස්සේ පවත්නා රජයන් විවේචනය කිරීම පාලනය කිරීම රජයේ අරමුණ බව මාධ්‍ය විශේෂඥයන්ගේ අදහස වී ඇත.