චීනයේ සයිනොපෙක් සමාගමේ දෙවන ඉන්ධන තොගය අද (02) මෙරටට රැගෙන ඒමට නියමිතව තිබෙන බව දුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

ඉන්ධන පිරවුම්හල් අලෙවිකරුවන් සමග ගිවිසුම් අත්සන් කිරීමෙන් අනතුරුව සයිනොපෙක් සමාගම දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 150ක් සමඟ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

සයිනොපෙක් සමාගම සෘජුවම විදේශ විනිමය වැය කරමින් මෙරටට ඉන්ධන තොග ගෙන එන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසා ඇත.

ඒ හේතුවෙන් මෙරට දේශීය මුල්‍යායතනවලට ගැටලුවක් ඇති නොවන අතර මාස 12ක මූල්‍ය පහසුකම් සහිතව මෙම ඉන්ධන තොග ඔවුන් මෙරටට ගෙන ඒමට නියමිත බව සඳහන් වේ.