සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිවරයා ලෙස කටයුතු කළ සරණ ගුණවර්ධන නිදහස් කර ඇත.

අද පෙරවරුවේ විත්තිකාර පාර්ශ්වය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නිදහස් කරන ලෙසට කොළඹ මහාධිකරණ විනිසු නාමල් බණ්ඩාර බලල්ලේ නියෝග අනුව නිදහස් කර තිබේ.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකුද වන සරණ ගුණවර්ධනට ඔහු සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන සමයේදී මණ්ඩලයට කුලී පදනම මත වාහන ලබා ගැනීමේදී රුපියල් ලක්ෂ 28ක මුදලක් රජයට පාඩු කළ බවට චෝදනා එල්ල වී තිබිණි.

එකී චෝදනාව යටතේ හිටපු සභාපති සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකය විසින් නඩු පවරනු ලැබ ඇත.

කෙසේවෙතත් නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තියේ නීතිඥවරුන් මතු කළ මූලික විරෝධතා හේතුවෙන් නඩුකරය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බව මහාධිකරණ විනිසුරුවරයා තීරණය කර තිබේ.

ඒ අනුවයි අද දිනයේදී සරණ ගුණවර්ධන හිටපු සභාපතිවරයාව නිදහස් කර ඇත.