මහජනතාව අපහසුතාවයට පත්වන ආකාරයට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයක් හෝ විරෝධතා පාගමනකින් මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා ඇතුළු පිරිසකට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

එම නියෝගයේ සඳහන් වන්නේ, කොළඹ ඩීන්ස් මාවත, කුලරත්න මාවත, ටී.බී ජයා මාවත සහ ටෙක්නිකල් හන්දිය යන ප්‍රදේශවලට ඇතුළුවීමෙන් වළකින ලෙසටය.

එම නියෝගය නිකුත් කර ඇත්තේ පූජ්‍ය පාගොඩ විජිතවංශ හිමියන්, පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකුට ය.