ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හෙට (26) සංහිඳියා වැඩසටහන සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වීමට නියමිතව ඇත.

මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් සහ ස්වාධීන කණ්ඩායම් නායකයින් වෙත ඇරයුම් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර තිබේ.

අදාළ සාකච්ඡාවට සම්බන්ධවීම සම්බන්ධයෙන් හෙට දිනයේ තීරණය කරන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සඳහන් කර ඇත.

එසේම මේ සඳහා ජනතා විමුක්ති පෙරමුණ සහභාගී නොවන බවයි සුනිල් හදුන්නේතිති සඳහන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.