සහල්, මුං, කව්පි, කුරක්කන්, රටකජු ආදියෙන් රට ස්වයංපෝෂිත වී ඇති බැවින් මේ වසරේ නැවත එම භාණ්ඩ ආනයනය කිරීමට අවශ්‍ය නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසා ඇත.

2021 රසායනික පොහොර තහනම නිසා 2022 දී සහල් ටොන් ලක්ෂ 8කට වැඩි ප්‍රමාණයක් ඩොලර් මිලියන 400 කට මෙරටට ආනයනය කර ඇති බව ද සඳහන් වේ.

එමෙන්ම ඒ හා සමානව අනෙකුත් ආහාර බෝග ආනයනය කිරීමට ද සිදු වී ඇත.

ඒ අනුව 2023 වසරේ මේ දක්වා සහල් ආනයනය නොකළ බවත්, 2023 දී සහල් ටොන් ලක්ෂ තුනක අතිරික්තයක් ඇති විය හැකි බවත් ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කර තිබේ.