සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් පිළිබඳව 1977ට වහාම දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

සහල් සඟවාගෙන සිටින වෙළෙඳුන් පිළිබඳව ද එම දුරකථන අංකයට පැමිණි කළ හැකි බව අධිකාරිය පවසා තිබේ.

සහල් සඳහා පාලන මිලක් නියම කර තිබුණ ද වෙළෙඳුන් වැඩිමිලට සහල් අලෙවි කරන බවට තොරතුරු වාර්තා වී ඇතැයි පවසන පාරිභෝගික අධිකාරිය සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් ආරම්භ කර තිබේ.

සහල් සඳහා නියම කර ඇති පාලන මිල අනුව රතු හා සුදු නාඩු කිලෝව රුපියල් 220ක්ද, කීරි සම්බා කිලෝව රුපියල් 260ක් ද, සම්බා කිලෝව රුපියල් 230ක් ද, රතු සුදු කැකුළු කිලෝව රුපියල් 210ක් ද වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත.

මේ අතර සහල් සඳහා පාලන මිලක් නියම කර තිබුණ ද වෙළෙඳුන් එම මිලට වඩා වැඩියෙන් සහල් අලෙවි කරන බවට පාරිභෝගිකයෝ චෝදනා කරති.

මේ අතර කීරි සම්බා සහල් හිඟයක් පවතින අතර, බොහෝ සුපිරි වෙළෙඳ සැල්වල හා සතොස අලෙවි සැල්වල ද මාසයක පමණ සිට කීරි සම්බා සහල් නැති බව වාර්තා වේ.