කාන්තා පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ස්පාඤ්ඤය අද සමත් වුණා. ඒ ගෝල 2-1ක් ලෙස ස්වීඩනය පරාජය කරමිනි. තරගයේ 81වැනි සහ 89වැනි මිනිත්තුවේදී ස්පාඤ්ඤය ගෝල රැස් කළ අතර, 88වැනි මිනිත්තුවේදී ස්වීඩනය ගෝලයක් රැස් කිරීමට සමත් විය.

මේ අනුව හෙට පැවැත්වෙන ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර තරගයේ ජයග්‍රාහකයන් සමග ස්පාඤ්ඤය එළඹෙන ඉරිදා (20) පැවැත්වෙන අවසන් මහා තරගයට ක්‍රීඩා කරනු ඇත.