ස්පා මධ්‍යස්ථානවල සේවය කරන පුද්ගලයින්ගේ ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා ඔවුන් පුහුණු කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ අවධාරණය කර ඇත.

විශේෂයෙන්ම බොහෝ සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ සම්බාහන කටයුතු සඳහා බැවින් ස්පා අත්‍යවශ්‍ය වන බව ද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කර තිබේ.

එමෙන්ම ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත හරහා ශ්‍රී ලංකාව තුළ ගංජා නීතිගත කිරීම පිළිබඳව සතුටට පත්වන බවද ඇය පවසා ඇත.