ස්වීඩනයට නේටෝ සාමාජිකත්වය ලබාදීම සඳහා තුර්කිය එල්ල කළ බාධා ඉවත් කර ඇත.

ඒ අනුව ස්වීඩනයට 32වන නේටෝ සාමාජිකත්වය ලබාදීමට අදාළ යෝජනාව තුර්කි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

තුර්කි ජනාධිපතිවරයා සහ ස්වීඩන් අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකදී ඊට අදාළ එකඟතාවට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපතිවරයා ඇතුළු රාජ්‍ය නායකයින් තුර්කියට සිය ප්‍රසාදය පළකර තිබෙන බව ද සඳහන් වේ.