2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අදින් ආරම්භ වන අතර එහි පළමු අදියර අගෝස්තු 27 වැනිදා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 100කදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

2022 සා/පෙළ විභාගයට සිසුන් 472,554ක් පෙනී සිටි අතර අනුව පළමු අදියරේදී පිළිතුරු පත්‍ර මිලියන 2.6ක් හෙවත් ප්‍රශ්න පත්‍රවලින් සියයට 90ක් පමණ ඇගයීමට ලක් කෙරෙන බවයි වාර්තා වන්නේ.

ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීමේ ක්‍රියාවලිය සඳහා ගුරුවරුන් 27,500ක් සම්බන්ධ කර ගැනීමට නියමිත බවත්, එහි පලමු අදියර අගෝස්තු නිවාඩු කාලය තුළ සිදු කෙරෙන බවත්, එම ලකුණු කිරීමේ කටයුතු පහසු කිරීම සඳහා පාසල් වසා නොදමන බවත් සහකාර විභාග කොමසාරිස් ලසිකා සමරකෝන් ප්‍රකාශ කරනවා.

නගර 56 ක පාසල් යොදා ගනිමින් විභාග මධ්‍යස්ථාන 100 ක් පිහිටුවීමට නියමිත අතර එහිදී ඇගයීම් මණ්ඩල 1721 ක් පත් කෙරෙන බවටයි වැඩි දුරටත් වාර්තා වන්නේ.