අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සැප්තැම්බර් මස වාරික මුදල් හෙට(23) සිට ලබා ගැනීමේ හැකියාව පවතින බව මුදල් අමාත්‍යාංශය පවසා ඇත.

ප්‍රතිලාභී පවුල් 1,377,000ක් සඳහා වන රුපියල් මිලියන 8,571ක මුදල මේ වනවිටත් බැංකු වෙත මුදා හැර ඇති බව සඳහන් වේ.

ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් වාරික වසර අවසානයට පෙර ප්‍රතිලාභීන් වෙත ගෙවා අවසන් කිරීමට ද මේ වනවිටත් පියවර ගෙන ඇති අතර නව අයදුම්පත් කැඳවීම ද දෙසැම්බර් මස ආරම්භ කෙරෙනු ඇත.

මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි සෑම මාස හයකට ම වරක් අස්වැසුම සමාලෝචන කටයුතු සිදු කිරීටම නියමිතය.