මේ වසරේ සැප්තැම්බර් මාසයේදී මෙරටින් වයස අවුරුදු 16ට අඩු ගැහැණු ළමුන් දූෂණය කිරීමේ සිද්ධීන් 168ක් වාර්තා වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පවසා ඇත.

ඉන් 22 දෙනෙකු ගැබිනියන් බව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති කමිටු රැස්වීමක් අමතමින් ඔහු මෙසේ සඳහන් කර ඇත.

ළමා ආරක්ෂක අධිකාරියේ දත්තවලට අනුව 2021 වසරේ ශ්‍රී ලංකාව තුළ ළමා අපයෝජන සිද්ධීන් 11,000ක් වාර්තා වී ඇති බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

2022 වසරේ වාර්තා වූ ළමා අපචාර සිද්ධීන්ගෙන් අවම වශයෙන් 41%ක් ලිංගික අපයෝජන බව ඔහු ප්‍රකාශ කර ඇත.