සිංගප්පූරු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලාංකිකයෙකු වන චමින්ද රුවන් කුමාරගේ මහතා පත් කර තිබේ. මෙම වසරේ පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කරගනිමින් සිංගප්පූරු ක්‍රිකට් සංගමය මගින් මෙම පත්කිරීම සිදු කර ඇත.

චමින්ද රුවන් කුමාරගේ මහතා සිංගප්පූරු ජාතික කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කර තිබේ. එමෙන්ම ඔහු මෙරටදී බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය නියෝජනය කළ ක්‍රීඩකයෙකි.

ආසියානු ක්‍රීඩා උළෙල එළඹෙන සැප්තැම්බර් මස 23වැනිදා සිටි ඔක්තෝබර් මස 08වැනිදා දක්වා චීනයේ ශැංහයි නුවරදී පැවැත්වීමට නියමිතය. මෙවර තරගාවලියට කණ්ඩායම් තරගයක් ලෙස පිරිමි සහ කාන්තා ක්‍රිකට් තරග ඇතුළත්ව ඇත.