ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකා චමරි අතපත්තු වෙනුවෙන් සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආසන සහිත ප්‍රදේශයක් නම් කිරීමට සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම තීරණය කර තිබේ.

එම කොටස චමරි බේ (Chamari Bay) ලෙස නම් කර ඇති අතර එළඹෙන 26වැනිදා සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත තරගය වෙනුවෙන් මෙම නම් කිරීම සිදු කර ඇත.

චමිරි අතපත්තු මෙවර WBBL තරග වාරයේදී ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ අතර, එම දක්ෂතා සැලකිල්ලට ගනිමින් මෙම නම් කිරීම සිදු කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චමරි අතපත්තු පවසා සිටියේ එවැනි අවස්ථාවක් තමන්ට ලැබීම සම්බන්ධයෙන් අතිශය සතුටට පත්වන බවයි.